කොණ්ඩෙ යන අයට නෙල්ලි වලින් විශ්මිත ඛෙහෙතක්

කොණ්ඩෙ යන අයට නෙල්ලි වලින් විශ්මිත ඛෙහෙතක්

නෙල්ලි කියන්නේ ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් ආකාරයට උසස් පූජනීය ඖෂධ ශාකයක්. ඒ වගේම දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ නැතිවම බැරි ඖෂධයක්. ඛෙරණ නැකැතට පවා අයත් මෙම පූජනීය ඖෂධය මූලිකව ඖෂධ වන ත්‍රිපලා තුළින් එකක්. අරළු, බුළු, නෙල්ලි කියන ත්‍රිපලා ඖෂධ ආයුර්වේදයේ සාමාන්‍ය රෝගවල සිට සංකීර්ණ රෝග දක්වා භාවිත කරනවා. ඇතැම් පුද්ගලයන් මේ නෙල්ලි ශාකයේ ගෙඩි පලතුරක් කියල පමණයි දන්නේ. මෙහි ඇති ඖෂධීය ගුණය බොහෝ දෙනෙක් දන්නෙ නෑ. නමුත් නෙල්ලි ගෙඩි, පත්‍ර, මල්, දඬු මේ සෑම දෙයක්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදී අපි ඖෂධ සෑදීමට යොදා ගන්නවා.

නෙල්ලි වල විශ්මිත ගුණ

නෙල්ලි කියන්නේ වයසට යෑම පමා කරවන හොඳ ඔසුවක්.

නෙල්ලි ගෙඩි දිනපතාම පලතුරක් ලෙස ආහාරයට ගන්නව නම් කැස්ස නැති කිරීමේ හැකියාවක් (කාසග්න) කුෂ්ඨ සුවකිරීමේ හැකියාවක් (කුෂ්ඨග්න) උණ රෝග සුවකිරීමේ හැකියාවක් (ජවරග්න) මේ ඖෂධය සතුව පවතිනවා.

ඒ පමණක් නොවෙයි වාත, පිත, සෙම කියන තුන් ‍දොසම නසන ඖෂධයක් නෙල්ලි කියන්නේ.

පර්යේෂණ මට්ටමින් පවා මේ වන විට තහවුරු කරලා තිඛෙනවා මෙම නෙල්ලි ගෙඩිවල පවතින සුවිශේෂ රසායනික ගුණය නිසා ස්නායු වර්ධනය සහ බුද්ධි වර්ධනය ඇති වෙනවා කියලා.

දෛනිකවම නෙල්ලි ගෙඩි වශයෙන් හරි නෙල්ලි ජූස් එකක් වගේ හරි ආහාරයට ගන්නව නම් පෙර සඳහන් කළ හැම රෝගයකටම නෙල්ලි හොඳ ඖෂධයක්.

එයට අමතරව ඇස් ආශ්‍රිත රෝගවලට, හිසකේ හැලීම, අකලට ගිය හිස කෙස් ඉදීම, ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගවලට දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට නෙල්ලි හොඳ ඖෂධයක්.

යම්කිසි පුද්ගලයකු දියවැඩියාව රෝගයෙන් පෙළෙන්නේ නම් නෙල්ලි ගෙඩි වශයෙන් දිනපතා ආහාරයට ගැනීමෙන් හෝ නෙල්ලි සුළු ලෙස ගෙන පානය කිරීමෙන් යහපත් සුවයක් අත් කරගත හැකි වෙනවා

නෙල්ලි වලින් ඉස්හොරි වලටත් ඛෙහෙතක්

අද බොහෝ දෙනෙක් ඉස්හොරි ගැටලුව නිසා මානසිකව පවා දුක්විඳිනවා. බටහිර ක්‍රමවේදයන්වලට ඇබ්බැහිවෙලා ඉස්හොරි නැතිකරගන්න ගිහින් වෙනත් කරදරවලට පවා පැටලෙන අවස්ථා තිඛෙනවා. නමුත් ඉස්හොරි නැති කරගන්න නිවෙසේදීම හදාගන්න පුළුවන් ඖෂධයක් මම කියන්නම්.

කී කිරිඳිය, මුං ඇට, නෙල්ලි, සුදුහඳුන් සමානව ගෙන එළකිරි සහ තැඹිලි වතුර ඒ හා මිශ්‍ර කරලා (සමානව) හොඳින් අඹරා ගන්න. හොඳට ඇඹරී අවසන් වුණ පසුව හොඳින් ඔළුවෙ ආලේප කරලා පැයක් පමණ ඉන්න. ඉන්පසුව හිස සේදුවාට කමක් නෑ. මේ විදියට දින දහයක් පමණ දිනකට එක්වරක් බැගින් මේ ප්‍රතිකර්මය කළොත් ඉස්හොරි කරදරෙන් මිදෙන්න පුළුවන්.

නමුත් පීනස රෝගය තිඛෙනව නම් ඒ රෝගීන්ට ඉහත ඖෂධය හොඳ නෑ. නෙල්ලි තැම්බූ වතුරින් දිනපතා හිස සේදීම ඔවුන්ට සුදුසුයි. ඉන්පසුව තැම්බූ නෙල්ලි හොඳට තළාගෙන හිසේ ආලේප කරලා පැයක් පමණ ඉඳලා හිස සෝදන්න. දින කිහිපයකින් ඉස්හොරි කරදරයෙන් නිදහස් වෙන්න පුළුවන්.

හිසකෙස් වැවෙන්න නෙල්ලි වලින් ඛෙහෙතක්

ඇතැම් තරුණියන්ට මෙන්ම කාන්තාවන්ටත් හිසකෙස් නොවැඩීම ලොකු ප්‍රශ්නයක්. හිසකෙස් වැවීම අධික ලෙස ප්‍රමාද අය දෙහි යුෂ සහ නෙල්ලි යුෂ සමානව අරගෙන හොඳින් මිශ්‍ර කරලා හිසේ ගාන්න. ඉන්පසු සුළු වේලාවක් හිස ඒ දියරින් තෙත මාත්තු කරමින් පිරිමදින්න. පැය භාගයක් පමණ ඉඳලා හිස සෝදන්න. හිස සෝදලා ත්‍රිපලා තෛලයක් භාවිත කරන්න. දෛනිකවම මේ ක්‍රියාව සිදුකළොත් දීප්තිමත් කෙස් කලඹක් ලබාගන්න හැම කාන්තාවකටම පුළුවන්.

හිසකෙස් ගැලවී යාමටත් පිළියම්

පුරුෂ සහ කාන්තා යන දෙපාර්ශ්වයම හිසකෙස් ගැලවී යෑමේ ගැටලුවෙන් පීඩා විඳිති. එවන් ගැටලුකාරී තත්ත්වයකදී අරළු, බුළු සහ නෙල්ලි සම ප්‍රමාණයෙන් ගෙන කීකිරිඳිය යුෂෙන් අඹරා පසුව කීකිරිඳිය යුෂ හා මිශ්‍ර කොට එම ද්‍රාවණය හිසේ ගල්වාලිය යුතුය. දෙපැයක පමණ කාලයක් හිඳ පසුව හිස සෝදා ගත යුතු අතර මෙම ක්‍රියාවද දෛනිකවම සිදුකළහොත් හිසකෙස් ගැලවී යෑමේ ගැටලුවෙන් අත්මිදිය හැකියි.

කොන්ඩේ කළු කර ගන්න නෙල්ලි වලින් රුපලාවන්‍ය සත්කාරයක්

අද බොහෝ දෙනෙක් සල්ලි දීලා ලෙඩ ගන්නවා වැඩියි. උදාහරණයක් කීවොත් කොණ්ඩෙ ලස්සන කරන්න ගොඩක් දෙනෙක් විවිධ බටහිර නිෂ්පාදනයන් හිසේ ආලේප කරනවා. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස අකලට හිසකෙස් ඉදෙනවා. ඉන්පසුව මානසිකව වගේම සාමාජයීය මට්ටමෙනුත් ඔහුගේ හෝ ඇය අපහසුතාවට ලක්වෙනවා. එවන් අකලට කොණ්ඩෙ සුදු වුණු අයට කොණ්ඩය කළුකිරීම සඳහා නෙල්ලි ඖෂධය සම්පාදිතව නිෂ්පාදනය කර ගන්න පුළුවන් සුවිශේෂී ඖෂධයක් මම කියන්නම්.

අරළු ගෙඩි පහක්, බුළු ගෙඩි භාගයක්, නෙල්ලි ගෙඩි හයක්, අඹ ඇටවල මැද පිහිටි සුදු පැහැති මද හතක් ගන්න. ඒ හැම දෙයක්ම අමුවෙන් ගන්න එක සුදුසුයි. ඉන්පසු ලෝහ භෂ්ම තේ හැඳි කාලක් ගන්න. (සියුම් යකඩ කුඩු වෙළෙඳ පොළේ තිබේ) අරළු, බුළු, නෙල්ලි, අඹ ඇට මද හොඳින් සියුම්ව අඹරා ගන්න. ඉන්පසුව යකඩ කුඩු හැඳි කාල ඒකට මිශ්‍ර කර නැවතත් සියුම් වෙන්න අඹරන්න. හොඳින් අඹරාගත් පසුව ඒවා යකඩ භාජනයකට දමා හොඳින් වහලා එක රැයක් විවෘත නොකොට තියන්න. පසුදින උදෑසන ඒ මිශ්‍රණය හොඳින් හිසේ ආලේප කර පැය දෙකක් පමණ හිඳ හිස සෝදන්න. ඒ විදියට දිනපතාම සති දෙකකට ආසන්න කාලයක් හිසේ මේ ඖෂධ මිශ්‍රණය ආලේප කරන කොට දීප්තිමත් කළු පැහැති හිසකෙස් ඔබට හිමි වේවි.

අද පවතින විවිධ ඩයි වර්ගවලින් කරන්නේ හිසේ මතුපිටට පෙනෙන සුදු පැහැය මකන එක විතරයි. නමුත් මේ ඖෂධය හිසේ ආලේප කිරීමෙන් හිස අභ්‍යන්තරයේ ඇති කේශ මූලයන්ටත් මේ ඖෂධීය ගුණය බලපානවා. එබැවින් ඒ ඖෂධීය ගුණය උරාගනිමින් අලුත වැඩෙන කෙස් ගස් සුදු පැහැයෙන් මිදී හොඳ කාල වර්ණයක් ගන්නවා. මේ ඖෂධය අපි පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරලා තිඛෙන හොඳ ඖෂධයක්.

නෙල්ලි වලින් ඔලුවේ ගාන්න තෙලක් හදමු

අද වෙළෙඳපොළේ තිඛෙන ඇතැම් තෙල්වල ඇති අහිතකර රසායනික ගුණ නිසා හිසකේ හැලීම, හිස කේ දුර්වර්ණ වීම වැනි ලක්‍ෂණ බොහෝ දෙනෙක්ගෙන් දැකගන්නට ලැඛෙනවා. ඒ හැම දුර්වල බවක්ම මකන්න නෙල්ලි ඖෂධය මිශි්‍රත හොඳ ඖෂධීය තෛලයක් නිවෙසේදීම හදාගන්න ඔබට පුළුවන්.

අඹ ඇටවල මදයි, නෙල්ලියි ස්වල්පයක් අමුවෙන් අරගෙන කුඹුක් පොතු, නිල් අවරිය කොළ, මානෙල් අල හොඳින් මිශ්‍ර කරලා අඹරලා තල තෙල් සමඟ මිශ්‍ර කරලා හොඳින් කකාරන්න. කකාරලා අරගෙන හොඳින් පෙරලා ගන්න තෙල් බෝතලයකට දමාගෙන දිනපතා හිසේ ගාන්න. එයින් දුර්වර්ණ කෙස් කළුපැහැ ගැන්වීමටත් හිසකේ යෑම වළක්වාලීමටත් හැකිවෙනවා.

පීනස රෝගයත් සුව කරන්න නෙල්ලි වලට පුළුවන්

යමකු පීනස රෝගයෙන් පෙළෙයි නම් එය සුවපත් කර ගැනීමටද නෙල්ලි මගින් ඖෂධයක් නිපදවාගත හැකි බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. පීනස් රෝගයෙන් පීඩා විඳින අයෙක් අරළු, බුළු, නෙල්ලි, වැල්මී, මුද්දරස්පලම් සමාන කොටස බැගින් ගෙන දිය කාල් අටක් දමා එක් කාලකට වන පරිදි තම්බන්න. හිස් බඩේ උදේ කාල් භාගයයි හවස කාල් භාගයයි මී පැණිත් සමගඟ දින පහක් වගේ බිව්වොත් පීනස රෝගය සුව කිරීමට අපහසුවක් වෙන්නෙ නෑ.

මලබද්ධයටත් නෙල්ලි හොදයි

ඒ විතරක් නොවෙයි මල බද්ධයටත් නෙල්ලි හොඳ ඖෂධයක්. නෙල්ලි කළන් හයක් (ග්‍රෑම් 30) අරගෙන මුට්ටියකට දාලා වතුර පත 4කින් තම්බලා පත භාගයකට සිඳුවා මී පැණිත් සමගඟ පානය කළොත් මල බද්ධයට එය හොඳයි. නෙල්ලි සහ රසකිඳ කල්කයක් වගේ අරගෙන මුදවපු කිරි ස්වල්පයකට ඒ වගේ දෙගුණයකින් වතුර මිශ්‍ර කරලා පානය කළොත් අර්ශස් රෝගයටත් එය හොඳ ඖෂධයක්.අද බොහෝ දෙනකුට වැලඳී ඇති රෝගයක් තමයි දියවැඩියාව රෝගය. එයින් අත්මිදෙන්න නෙල්ලි ඖෂධය අඩංගු හොඳ කසායක් තිඛෙනවා. දියවැඩියාව සමනය කර ගන්න එය පානය කිරීම ඉතාමත් හොඳයි.නෙල්ලි, මාදම් ඇට, කොතල හිඹුටු යන ඖෂධ (වියළීමෙන් පසු) කලං හතර බැගින් (ග්‍රෑම් 20) අරගන්න. ඒවා මුට්ටියකට දමා වතුර කාල් අටක් මිශ්‍ර කර පත අට එකට සිඳුවා උදේ හවස කාළන් භාගය බැගින් පානය කරන්න. දිනපතා මෙම කසාය පානය කළොත් දියවැඩියාව රෝගය නැතිකරගන්න හැකියාවක් තිඛෙනවා.

ඖෂධීය ගුණය ලබාගැනීම සඳහා නෙල්ලි කසායක්, ආලේපයක් ලෙස මතු නොව වින්දනීය පානයක් ආහාරයක් ලෙසද ගත හැකියි . නෙල්ලි මුරබ්බා යනු ඉන්දියානුවන් නිරෝගී බව පතා බහුල ලෙස ආහාරයට ගන්නා රසවත් නෙල්ලි ආහාර වට්ටෝරුවකි. එයා සාදා ගන්නා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය. නෙල්ලි මුරබ්බා කියන්නේ හොඳ රසවත් ආහාරයක්. ආහාරයක් ලෙස අනුභව කිරීමෙන් නොදැනුවත්වම ඖෂධීය ගුණයකුත් ලැඛෙනවා. එය පවුලේ සැමට නිරන්තරයෙන්ම රසවිඳින්න පුළුවන් හොඳ රසවත් ආහාරයක්. නෙල්ලි ගෙඩි කිහිපයක් අරගෙන එකින් එක ගෑරුප්පුවකින් ඇන සිදුරු කොට වතුර දැමූ මුට්ටියක උඩ රෙදි කඩකින් බැඳ ඒ මත සිදුරු කළ නෙල්ලි ගෙඩි හුමාලයෙන් තම්බන්න. එසේ තම්බාගත් නෙල්ලි ගෙඩි ඇට ඉවත් කර හෝ ඇටත් සමගඟ හොඳින් උකු වූ කිතුල් පැණි බඳුනක ගිල්වා සතියක් පමණ වසා තබන්න. ඉන්පසු දවසකට එකක් වගේ මඳින් මඳ ආහාරයට ගන්න. එය ගොඩක් රසවත් ආහාරයක් වගේම හොඳ ඖෂධයක්.

~ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී හැරපත්දෙණිය මහත්මිය සමග කල මව්බිම සාකාච්චාවක් ඇසුරෙනි ~

Leave a Comment